“ලංකාව ආර්ථික මරණ මංචකයේ” - ලොව ප්‍රකට ආර්ථික විද්‍යා මහාචාර්ය ස්ටීව් හන්ක් නිවේදනය කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
05

“ලංකාව ආර්ථික මරණ මංචකයේ” - ලොව ප්‍රකට ආර්ථික විද්‍යා මහාචාර්ය ස්ටීව් හන්ක් නිවේදනය කරයි

“ලංකාව ආර්ථික මරණ මංචකයේ” - ලොව ප්‍රකට ආර්ථික විද්‍යා මහාචාර්ය ස්ටීව් හන්ක් නිවේදනය කරයි

ලෝකයේ දෙවැනියට උද්ධමනය වැඩිම රට ලෙස ශ්‍රී ලංකාවේ ආර්ථිකය මරණ මංචකයේ පවතින බව ජොන් හොප්කින්ස් සරසවියේ ලෝ ප්‍රකට ආර්ථික විද්‍යා මහාචාර්ය ස්ටීව් හන්ක් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත.


ඔහුට අනුව පසුගිය ජූනි 30 වැනිදා වනවිට ඔහු කළ ගණනය කිරීමට අනුව ශ්‍රී ලංකාවේ උද්ධමනය සියයට 117කි.

 

එහෙත් ඔහු ඊයේ යළි ට්විටර් සටහනක් තබමින් පැවසුවේ ඊයේ (03) කළ ගණනයට අනුව එය සියයට 122ක් තෙක් වැඩි වී ඇති බවයි.


 
“ ශ්‍රී ලංකාවේ ආර්ථිකය තිබෙන්නේ මරණ මංචකයක. ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලත් ශ්‍රී ලංකාවට ඇප දීමේ ණය ක්‍රමවේදය ප්‍රතික්ෂේප කර තියෙනවා. ශ්‍රී ලංකා ආර්ථිකය සවිමත් කරගැනීමට ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල වැඩසටහන් 16ක් සකස් කර දී තිබුණා. ඉන් එකක්වත් ක්‍රියාත්මක වී නැහැ.“

 

ඔහු සටහන් කර ඇත.

 

මින් පෙර ඔහු මෙම උද්ධමනය මැඩපැවැත්වීමට මහ බැංකුව වෙනුවට 1884 සිට 1950 තෙක් මේ රටේ පැවති මූල්‍ය මණ්ඩලයක් ස්ථාපනය කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දුන්නේය.

 

ජොන් හොප්කිස්න්ස් සරසවියේ මහාචාර්ය ස්ටීව් හන්ක්ගේ ලෝ ප්‍රකට උද්ධමන දර්ශකයට අනුව ලංකාව පසුවන්නේ ලෝකයේ දෙවැනි උද්ධමනය වැඩි රට ලෙසය.

 

අපට ඉදිරියෙන් ඇත්තේ සිම්බාබ්වේ පමණි.

views

317 Views

Comments

arrow-up