මහ බැංකුවෙන් විශේෂ දැනුම් දීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
14

මහ බැංකුවෙන් විශේෂ දැනුම් දීමක්

මහ බැංකුවෙන් විශේෂ දැනුම් දීමක්

අන්තර්ජාලය හරහා මෙන්ම වෙනත් මාධ්‍ය හරහා ඉදිරිපත් කරනු ලබන වර්චුවල් කරන්සි හෙවත් අතත්‍ය මුදල් යෝජනා ක්‍රම වලට හසු නොවන ලෙස මහ බැංකුව විසින් අනතුරු අඟවා තිබෙනවා.

 

ජාත්‍යන්තර හා දේශීය වෙළඳපොලේ මෑතකාලීන වර්ධනයක් සැලකිල්ලට ගෙනයි මහ බැංකුව මේ පිළිබඳව ප්‍රකාශ කර සිටින්නේ.

 

අතත්‍ය මුදල් වල ආයෝජනය කිරීම තුළින් පරිශීලකයන් නිරාවරණය විය හැකි තත්වයන් අදාළව නීතිමය සහ ආරක්ෂාව සම්බන්ධ අවදානමක් පවතින අතර අතත්‍ය මුදල් සම්බන්ධ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කිසිදු ආයතනයකට බලය පැවරීමක් සිදු කර නැහැ.

 

ඒ නිසා ඒවා නියාමනය නොවන මූල්‍ය උපකරණ බවද මහ බැංකුව සඳහන් කර සිටිනවා.

 

 

views

404 Views

Comments

arrow-up