ගෝඨාභය පාලන සමයේ කළ අත්තනෝමතික බදු කපාහැරීම් ගැන හෙළිදරවුවක්

කොළඹ විශ්ව විද්‍යාලයීය කළමනාකරණ මූල්‍ය පීඨයේ ව්‍යාපාරික ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නිහාල් හෙන්නායක මහතා පවසන්නේ, ලක්ෂ 16 ක් ව පැවති බදු ලිපිගොනු ප්‍රමාණය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ පත්වූ රජය හඳුන්වා දුන් බදු ලිහිල් කිරීමේ ප්‍රතිපත්තිය හේතුවෙන් ලක්ෂ 4 ක් දක්වා අඩු වූ බවයි.
ඒ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (12) පැවති මාධ්‍ය හමුවක් අමතමින්ය. මේ අතර බදු දැල තුළට අලුතින් පිරිස් හසු කර ගන්නවාට වඩා මෙම බදු ගොනු ලක්ෂ 4 සක්‍රීය කිරීම පහසු බව මහාචාර්යවරයා වැඩිදුරටත් පවසයි.
මෙම බදු ලිපිගොනු ලක්ෂ 12 නැවත සක්‍රීය කිරීමෙන් රජයටත්, වෘත්තිකයන්ටත් ජයග්‍රාහී ස්ථානයකට පැමිණිය හැකි බව මහාචාර්ය හෙන්නායක මහතා සඳහන් කරයි. මහාචාර්යවරයා අවසන් වශයෙන් සඳහන් කරන්නේ, මෙසේ බදු ලිපිගොනු ප්‍රමාණය ලක්ෂ 4 ක් දක්වා පහළ බැසීම නිසා අහිමි වී ගිය සියලු බදු බර දරන්නට වී ඇත්තේ ලක්ෂ 4 ක් පමණ වන වෘත්තිකයන්ට බවයි.
304 Views
Comments