හෙළ බස පිළිබඳ වගතුග
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
08

හෙළ බස පිළිබඳ වගතුග

හෙළ බස පිළිබඳ වගතුග

ශ්‍රී ලංකාව යනු සිංහලයාගේ දිවයිනයි. සිංහල නම් වූ අද්විතීය භාෂාව භාවිතා කරන එකම ජාතිය ශ්‍රී ලාංකිකයන් පමණි. මුතුන් මිත්තන්ගෙන් අපට ලැබුණු වටිනා දායාදයක් වන අපගේ සිංහල භාෂාව නොයෙක් ආකාරයෙන් වර්ධනය වෙමින් වෙනස් වෙමින් ඉදිරියටම ආ ප්‍රෞඪ ජාතියක ආඩම්බරකාර භාෂාවකි. අතීතයේදී අප මුතුන් මිත්තන් හැඳින් වූයේ වැද්දන් යන විශේෂිත නාමය භාවිතා කරමින් වන අතර වනාන්තර වල සහ ගල්ලෙන්වල තමාගේ ජීවිකාව ගත කළ ඔවුන් භාවිතා කළ බස් වහරද අද තරම් දියුණු වූවක් නම් නොවේ.

 

ශ්‍රී ලංකාවට මිහිදු හිමියන්ගේ ආගමනයෙන් පසු අපගේ සිංහල භාෂාව තවදුරටත් දියුණුවක් සිදු වූ අතර වඩාත් ඔපවත් භාෂාවක් බවට පරිවර්තනය විය. බුදු දහමේ උරුමයෙන් නිර්මාණ හැකියාවන් සමඟම අකුරු ලිවීම, චිත්‍ර ඇදීම මෙන්ම ගොඩනැගිලි, වැව් ,අමුණු ,පන්සල්, වෙහෙර විහාරද ශ්‍රී ලංකාව තුළ ඉදි විය. එම වෙනස්වීමත් සමගම අධ්‍යාපනයේ අවශ්‍යතාවය ද වඩාත් ඉස්මතු විය. එකල බහුලව පැවතියේ පන්සල මුල් කරගත් පිරිවෙන් අධ්‍යාපන ක්‍රමය වන අතර තැනින් තැන කුඩාවට පාසල් බිහි වීමත් සමගම සමාජයීය වශයෙන් ද රට තුළ දියුණුවක් ඇතිවිය. එමනිසාවෙන් සිංහල භාෂාව වඩාත් නිවැරදිව පාසල් තුලින් ඉගැන්වීමට මංපෙත් පැහැදුණි. වර්තමානය වන විට නිවැරදිව සහ ව්‍යාකරණානුකූල ව ඉදිරි පරපුරට දායාද කිරීමේ අවශ්‍යතාවය මත සිංහල විෂය පාසල් නිර්දේශයට ඇතුළත් කොට තිබේ.

 

සිංහල භාෂාව පුළුල් පරාසයක් දක්වා විහිදෙන භාෂාවක් වුව ද අපට එය අපගේ ආභාෂයෙන්ම ලැබී ඇති දෙයක් හේතුවෙන් පහසුවෙන් අවබෝධ කර ගැනීමේ හැකියාව සිංහලයන් වන අපට පවතී. ගොඩක් නම්‍යශීලී භාෂාවක් ලෙස සැලකිණි සිංහල භාෂාව එකම වචනය වුවද යෙදෙන තැන අනුව විවිධ තේරුම් ගෙන දෙන අවස්ථා ද ඕනෑ තරම් දක්නට ලැබේ. පුද්ගලයන් වශයෙන් අපට එදිනෙදා ජීවිතයේදී දුක, සතුට හා තරහව වැනි මනෝභාවයන් ඇතිවීමට ඉඩකඩ පවතින නිසාවෙන් එම හැඟීම් තව කෙනෙකුට ප්‍රකාශ කිරීමටද සිංහල භාෂාවට අපූරු හැකියාවක් පවතී. අභිමානවත් ජාතියක් වශයෙන් අපට උරුම වූ අපේ ම හෙළ බස තවදුරටත් ඉදිරියටම රැකගැනීම සිංහලයන් වශයෙන් ජාතික යුතුකමකි. අප විසින් සිදු කළ යුත්තේ සිංහල භාෂාව විකෘති කිරීම නොව එය තවදුරටත් වර්ධනය කරමින් මතු පරපුරට දායාද කිරීම පමණි. සිංහල ජාතියේ උරුමය කියාපාන අපගේ හෙළ බස දිවිහිමියෙන් රැක ගැනීමට පෙර කළ අපගේ මුතුන් මිත්තන් මහත් වෙහෙසක් දැරූ බවට ඕනෑ තරම් නිදසුන් දක්නට ලැබේ. එම නිසා අප විසින්ද කළ යුත්තේ අපගේ හෙළ බස රැක ගැනීමට හැකි පමණ දායක වීමයි. අභිමානවත් ජාතියක් වශයෙන් අපගේ යුතුකමද එයම වන්නේය.

 

 

 

 

 

 

 

by Sachini Sooriyaarachchi

views

610 Views

Comments

arrow-up