ලොව අග්‍රගණ්‍යම මිනිස් කලාවන්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
14

ලොව අග්‍රගණ්‍යම මිනිස් කලාවන්

ලොව අග්‍රගණ්‍යම මිනිස් කලාවන්

සංගීත, චිත්‍ර, මූර්ති, කවි, ගී හා කතා ආදී වූ විවිධාකාර මිනිස් කලාවන්ට ඉතා පැරැණි අතීතයක් ඇත. කෙමෙන් කෙමෙන් දියුනුවට පත් වූ එම කලාවන් අද විශිෂ්ට තත්ත්වයකට පත්වී තිබේ. මේ හැර විද්‍යාවේ දියුණුව නිසා පහළ වූ ඡායාරූප කලාව සහ සිනමා කලාව ආදිය මේ වන විට ලබා ඇති දියුණුව අති විශාලය.

චිත්‍ර කලාව-

ශිලා යුගයේ සතුන් දඩයම් කරමින් ජීවත් වූ මනුෂ්‍යයෝ විවේක වෙලාවට තමන් විසූ ගල් ගුහා වල බිත්ති වල විවිධාකාර සත්ත්ව රූප සිතුවම් කර කළෝය. ප්‍රංශයේ ලෙස් අයිසිස් හා ලැස්කො, ස්පාඤ්ඤයේ ඇල්ටමීරා හා දොර්දොම්, මධ්‍යම ඉන්දියාවේ කයිමූර් යන ස්ථානවල ඇති ගල් ගුහාවල මෙවන් සිතුවම් දැක ගත හැකිය. චිත්‍ර කලාවට කොතරම් පැරැණි ඉතිහාසයක් ඇතිද යන්න ඉන් ඉතා පැහැදිලිය. එදා මෙදා අතරතුර ලොව පහළ වූ සුප්‍රකට චිත්‍ර ශිල්පීන් බොහෝමයක් වෙයි. ලියනාඩෝ ඩාවින්සි, රැම්බ්‍රාන්ට්, සෙසොන්, සැලකිලිමත්. සැල්වඩොර් ඩාලි, නන්දලාල් බෝස් ඉන් කිහිප දෙනෙකි.

සංගීත කලාව-

සංගීත කලාව ද චිත්‍ර කලාව තරම්ම පැරණිය. තමන් වාසය කළ ගල්ගුහා ආ වන සතුන් පලවා හැරීම පිණිස සම් පොත්තකට හෝ ඇතුළත කුහර සහිත ලී කොටයකට පහරදී මහා හඬක් නැංවීමට ආදී මිනිස්සු පුරුදුව උන්හ. පසුව ඒ අනුසාරයෙන් බෙරය හා රබාන බඳු සම් පොතු යොදා ගැනුන තූර්ය භාණ්ඩ පහළ විය. ලෝකයේ ඉපැරණි ශිෂ්ටාචාර වල නටබුන් අතර තිබී බෙර වැනි සංගීත භාණ්ඩ වල අනුරූ හමුවී ඇත. මිනිසා කෙමෙන් කෙමෙන් තත් පිරිමැදීම, ඝර්ෂණය, ඉපියකු සුළඟින් කම්පනය කරවීම, පුවරුවක යතුරු එබීම ආදී විවිධ ක්‍රම අනු වාදනය කළ හැකි තූර්ය භාණ්ඩ රැසක් නිපදවා ගන්නට සමත් විය. රවි ශංකර්, උස්තාද් අල්ලා, බිතෝවන්, යහුඩ් මෙනුහින් ලොව පහළ වූ සුප්‍රකට සංගීතඥයන් කිහිප දෙනෙකි.

මූර්ති කලාව-

මූර්ති කලාවේ ඉතිහාසය ද ඉතා පැරණි එකකි. ආදී මිනිසුන් තම විවේක අවස්ථා වල මැටියෙන් හෝ දැවයෙන් මූර්ති නෙළීමට පුරුදුව උන්හ. ඔහු ශිෂ්ටාචාරවත් වෙත්ම ලෝකඩ, තඹ, පිත්තල ආදී ලෝහ වලින් ඒවා ඇඹීමට හැකියාව ලැබුණි. ලොව ඉපැරණි ශිෂ්ටාචාර සියල්ලෙන්ම මැටි, ඇට, ගල් හා ලෝහ ආදී ද්‍රව්‍ය වලින් අඹන ලද මූර්ති හමුවී ඇත. මයිකල් ඇන්ජිලෝ, පිකෑසො, ජේකබ් එප්ස්ටයින් ලොව පහළ වූ අග්‍රගණ්‍ය මූර්ති ශිල්පීන්ගෙන් කීප දෙනෙකි.

නාට්‍ය කලාව-

මෙයද ඉපැරණි මිනිස් කලාවකි. භාෂාවක් භාවිතා නොවූ ඒ සමයේ බොහෝ දේ ශබ්ද හා අනුකරණය මගින් ප්‍රකාශ කිරීමට මිනිසාට සිදු විය. දඩයමක් කර ගෙන ආ මිනිසුන් තමන් ඉතා අමාරුවෙන් සතෙකු සොයාගත් හැටි, තමන් මුහුණදුන් දුෂ්කරතා සහ අනතුරු, සතා තමන්ගෙන් බේරී පලායාමට උත්සාහ ගත් හැටි සහ මහත් ආයාසයෙන් ඌ ලුහුබැඳ ගොස් මරා ගත් සැටි, දඩයමට සහභාගී නොවූ අඹුදරු ආදීන්ට විස්තර කළේ විවිධාකාර සංඥා, ශබ්ද හා මුද්‍රා මගිනි. අද ඉතා දියුණු විවිධ නාට්‍ය සම්ප්‍රදායන් සේ විකාශනය වී ඇත්තේ එම ප්‍රාථමික අනුකරණයන්ය. විලියම් ශේක්ස්පියර්, ගාර්ෂියා ලෝකා, ජෝර්ජ් බර්නාඩ් ෂෝ ලොව පහළ වූ ශ්‍රේෂ්ඨ නාට්‍යකරුවන් ගෙන් කීප දෙනෙකි.

ප්‍රබන්ධ කතා කලාව-

ප්‍රබන්ධ කතා කලාව ආරම්භ වූයේ මිනිසා භාෂාවක් භාවිතා කිරීම ආරම්භ වූ පසුවයි. එම කාලයේ පැවැතියේ කටින් කතාවක් කීමේ කලාවක්. ලිවීම ආරම්භ වූ පසු ප්‍රබන්ධ කතා රචනය ඇරඹුණි. මෙසේ මුලින්ම රචනා කරන ලද්දේ වීරකතා ය. මේ අතරම ජනසමාජවල ගම කතා, උපමා කතා හා ජන කතා යනාදී විවිධ ස්වරූප ගත් ප්‍රබන්ධ කතා කලාව අද කෙටිකතා, නවකතා හා නාට්‍ය ලෙසින් විකාශනය වී ඇත. charles dickens, thomas hard, ලියෝ ටෝල්ස්ටෝයි, වාල්මිකී, මිලාන් කුන්දේරා ලොව සුප්‍රකට කතා කරුවන් ගෙන් කීප දෙනෙකි.

කවි ගී සී පද කලාව-

කවි ගී සීපද කලාවට ද ඉතා පැරණි ඉතිහාසයක් ඇත. ආදී මිනිසුන් හුදෙකලාව දුරලීම, විනෝදය හා සතුට ලැබීම සහ අන්‍යයන්ට අදහස් ප්‍රකාශ කිරීම ආදී අරමුණු ඇතිව කවි ගී හා සී පද කීම කලහ. මේවා මුලින් ම පහළ වූයේ ජන කවි හා ජන ගී ලෙසිනි. ක්‍රමයෙන් විකාශනය වුනු කවි, ගී කලාව අද ඉතා දියුණු තත්ත්වයක පවතී. විලියම් ශේක්ස්පියර්, විලියම් වර්ඩ්ස්වර්ත්, පී බී ෂෙලී, ඇලෙක්සැන්ඩර් පුෂ්කින්, රවින්ද්‍රනාත් තාගෝර් ලොව ප්‍රකට කවීන්ගෙන් කීපදෙනෙකි.

 

 

 

 

 

 

by Sachini Sooriyaarachci

 

views

648 Views

Comments

arrow-up