The Captain Movie (ද කැප්ටන් චිත්‍රපටය)
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
09

The Captain Movie (ද කැප්ටන් චිත්‍රපටය)

The Captain Movie (ද කැප්ටන් චිත්‍රපටය)

මම මේ ලිපිය ලියන මොහොතේත් ඔබ මේ ලිපිය කියවන මොහොතේත් ගුවන් මගීන් රැගත් ගුවන්යානා ලක්ෂ ගණනක් ඉහළ අහසේ පියාසර කරනවා. එක් දිනක් ඇතුළත සාමාන්‍ය වශයෙන් මගී ගුවන්යානා 110,400ක් ගමන් කරන බව website statista වෙබ් අඩවිය සදහන් කරනවා.ඒ අතරින් ප්ලේන් ක්‍රෑශ් එකක් සිදුවීම 1:188364ක් තරම් අඩු සම්භාවිතාවයක් වනවා. මේ ලිපිය එලෙස සිදුවන්නට ගිය මරණීය ගුවන්‍ යානා අනතුරක් පාදක කරගත් චිත්‍රපටයක් පිළිබඳවයි.

 

The Captain චිත්‍රපටය "Disaster" Movie කැටගරි එකට අයත් චිත්‍රපටයක්. 2018 වසරේ මැයි 14 වැනිදා නිරිත දිග චීනයේ චොන්ක්වින් (Chongqing) සිට ලාසා (Lhasa) දක්වා ගමන් කරමින් තිබූ සිචුආන් (Sichuan) ගුවන් සමාගමට අයත් 3U8633 දරණ ගුවන්යානයේ නියමු කුටියේ right wind shield එක එහෙම නැත්නම් දකුණු ඉදිරිපස වීදුරුව බිදීයාමත් සමඟ අනතුරට පත්වූ අනිත් ගුවන් නියමුවාද රැගෙන ගුවන් යානය සාර්ථකව ගොඩබාමින් එහි ගමන්ගත් ගුවන් මගීන් 119කගේ සහ කාර්‍යමණ්ඩල සාමාජිකයින් 9 දෙනෙකුගේ ජීවිත බේරාගැනීමට ගුවන් නියමු ලියු චුඅන්ජන් (Liu Chuanjan) සමත් වෙනවා. ඊට අමතරව අඩි 30,000ක් පමණ උසකදී අඩු පීඩනයක් සහ අඩු උෂ්ණත්වයක් ඇතුළු කටුක, අසීරු අවස්ථා කීපයකටම ඔවුන් ඉතාමත් සාර්ථක ලෙස මුහුණ දෙනවා.

 

 

මෙම චිත්‍රපටයේ රූගත කිරීමට මාස දෙකක පමණ කාලයක් යොදාගෙන තිබෙනවා. 2019 වසරේ ජනවාරි 3 වැනිදා රූගත කිරීම් ආරම්භ වූ අතර මාර්තු 4 වැනිදායින් අවසන් වනවා. එම වසරේම සැප්තැම්බර් 30 වැනිදා ප්‍රදර්ශන කටයුතු ආරම්භ කල The Captain චිත්‍රපටය Andre Lau විසින් අධ්‍යක්ෂණය කරන ලද අතර නිෂ්පාදනය Lu Jinwen විසින් සිදුකර තිබෙනවා. මෙම චිත්‍රපටයේ ප්‍රදර්ශන කාලය විනාඩි 111 බවයි සදහන් වන්නේ.

 

 

බොක්ස් ඔෆිස් වාර්තා වලට අනුව 2019 ඔක්තෝබර් 3 වැනිදා මෙම චිත්‍රපටය චීන යුආන් මිලියන 263ක් ආදායමක් එම දිනය තුළදී උපයා තිබෙනවා. ඒත් සමඟ සමස්ථ ආදායම චීන යුආන් බිලියනය පසු කීරීමට සමත් වූ බවයි වාර්තා වල සදහන් වන්නේ. ඉහළ අහසේ ගමන් කරමින් තිබෙන විට සිදුවන අනතුරකදී, ගුවන්යානයේ කාර්‍යමණ්ඩලය වෘත්තීය ලෙස හැසිරෙමින්, ගතහැකි සියලු තීරණ සහ උත්සහයන් ගනිමින් එහි සිටින සෑම කෙනෙකුගේම ජීවිත ආරක්ෂා කරගැනීමට කටයුතු කරනවාද යන්න හොඳින් ව්දහා දැක්වෙන මෙම චිත්‍රපටය නැරඹිය යුතුම චිත්‍රපටයක් බව අවසාන වශයෙන් ලියා තබනවා.

 

 

 

 

 

 

by Nimanthi Muthukudaarachchi

Photo source : Internet

views

813 Views

Comments

arrow-up