"රේමෝ" - රොක්ස්ටාර්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
08

"රේමෝ" - රොක්ස්ටාර්

"රේමෝ" - රොක්ස්ටාර්

රෙවන්ත් ධනවත් ළමයෙකු වන නමුත් ඔහු කිසි විටෙකත් තම පියාගේ මුදල් මත යැපෙන්නේ නැහැ. ඔහු උපයා ගත් සෑම දෙයක්ම ඔහුගේ සංගීත කුසලතාවයෙන් උපයා ගත්තකි, ඔව් ඔහු රොක්ස්ටාර් කෙනෙක්, රොක්ස්ටාර් කෙනෙක් වන ඔහුගේ නම රේමෝ ය. රේමෝට වයස අවුරුදු 10 දී ඔහුගේ මව ඔහුට අහිමි විය. ඔහුට සෑම විටම ඔහුගේ මවගේ ආදරය මග හැරුණි. මන්ද ඔහුගේ මව මියගිය වහාම ඔහුගේ පියා වෙනත් කාන්තාවක් විවාහ කර ගත් බැවිනි.

 

මෙම පියා සහ පුතා අතර හොඳ සම්බන්ධතාවයක් නොමැත. රේමෝ ඉතා අනපේක්ෂිත, මානසික ව්‍යාකූලත්වයට පත්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකු වන අතර 100% ක් කාන්තාවන් කෙරෙහී දැඩි ආශාවකින් සිටින්නෙකු ද වේ. මෙසේ දිවි ගෙවන ඔහුට විදේශීය සමාගමකින් පිළිගැනීමක් ලැබෙද්දී ඔහු කාන්තා හඩක් විශේෂයෙන් කර්ණාටක ගායිකාවක් සොයමින් සිටී. ඔහු මොහානා ව සොයා ගනී, මොහානා රේමෝගේ ජීවිතයට ඇතුළු වූ පසු දෙදෙනාම ආදරයෙන් බැඳී සිටින බැවින් සියල්ල වෙනස් වීමට පටන් ගනී. නමුත් ආදරය සඳහා ඔවුන්ට බාධක ගණනාවක් පසුකර යාමට සිදුවේ. ඔවුන්ගේ ආදරය සාර්ථක වේවිද ?

 

අවසානය වනතෙක් නැරැඹිය යුතු චිත්‍රපටයක්. ප්‍රසිද්ධ නළු නිළියන් වන, ඉෂාන්, සරත් කුමාර්, අෂිකා රංගනාත් රගන මෙම සංගීතමය ආදරබර චිත්‍රපටය, අධ්‍යක්ෂණය කර ඇත්තේ පවන් වඩෙයාර් විසිනි. සී.ආර්. මනෝහර් විසින් නිෂ්පාදනය කරන ලද මෙම චිත්‍රපටයේ සරත්කුමාර් සහ මධු ප්‍රධාන චරිත නිරූපණය කරති. වෛදි කැමරාව හසුරුවන මෙම චිත්‍රපටයේ නළු කරුණ්‍යා රාම් ආරාධිත රංගන ශිල්පියා ලෙස පෙනී සිටී. පවන් වඩෙයාර් විසින් මෙම චිත්‍රපටයේ සියලුම ගීත සඳහා අංශක 360 ග්‍රැෆික් තාක්ෂණය භාවිතා කරීම සුවිශේෂී කාරණයක්.

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

views

631 Views

Comments

arrow-up