උසස් පෙළ සමතුන්ට පොළී රහිත ණය
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
02

උසස් පෙළ සමතුන්ට පොළී රහිත ණය

උසස් පෙළ සමතුන්ට පොළී රහිත ණය

පොළී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ 7 වන අදියර සඳහා අයදුම්පත් කැඳවීම 2023.07.04 දින සිට ආරම්භ කරනු ලබන අතර 2023.08.07 දින දක්වා අයදුම්පත් යොමු කළ හැක.



මේ සඳහා 2019/2020/2021 වර්ෂයන්හි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද අ.පො.ස. (උසස් පෙළ) විභාගය සමත් සිසුන් සුදුසුකම් ලබයි.



අයදුම්පත් www.studentloans.mohe.gov.lk වෙබ් අඩවිය ඔස්සේ මාර්ගගතව යොමු කළ හැකි අතර එම වෙබ් අඩවියට පිවිස පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ ශිෂ්‍ය අත්පොත පරිශීලනය කර අදාල සියලු තොරතුරු ලබා ගත හැක.


වැඩි විස්තර සඳහා 070-3555970-79 දක්වා දුරකථන අංක අමතන්න.

 

views

444 Views

Comments

arrow-up