දේශගුණ විශ්වවිද්‍යාලයට කොත්මලෙන් ඉඩමක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
01

දේශගුණ විශ්වවිද්‍යාලයට කොත්මලෙන් ඉඩමක්

දේශගුණ විශ්වවිද්‍යාලයට කොත්මලෙන් ඉඩමක්

දේශගුණික විපර්යාස පිළිබද අධ්‍යයනය කිරීමේ ජාත්‍යන්තර විශ්ව විද්‍යාලය කොත්මලේ ප්‍රදේශයේ ඉදිකිරීමට අදාලව ව්‍යාපෘති වාර්තාවක් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා විසින් සකස් කර තිබේ.

 

කොත්මලේ ප්‍රදේශයේ අක්කර 400ක පමණ ඉඩමක් මේ වෙනුවෙන් තෝරාගෙන ඇති අතර ඒ ගැන සොයා බැලීම සඳහා රුවන් විජයවර්ධන මහතා ඇතුළු කණ්ඩායමක් පසුගිය දා කොත්මලේ ප්‍රදේශයේ ක්ෂේත්‍ර චාර්කාවක ද නිතරව තිබේ.

 

ඉඩම වෙන් කර ගැනීමෙන් පසු මෙම විශ්ව විද්‍යාලය ඉදිකිරීමේ කටයුතු වෙනුවෙන් උදව් කිරීමට සුදානම් බව ශ්‍රී ලංකාවෙි ඇමරිකා තානාපති කාර්යාලය ද රුවන් විජයවර්ධන මහතා වෙත දැනුම් දී ඇති අතර එරට විශ්ව විද්‍යාලවල සහාය ද දේශගුණ විශ්ව විශ්වවිද්‍යාලයට ලබා දෙන බව තනාපති කාර්යාලය පොරොන්දු වී තිබේ.

 

අක්කර 400ක් පමණ වන මෙම ඉඩමට තවත් අක්කර 200ක පමණ භූමි ප්‍රදේශයක් එක් කර ගැනීමට ද නියමිත අතර ජාත්‍යන්තර ප්‍රමීන්ට අනුව මෙම අංග සම්පූර්ණ විශ්ව විශ්වවිද්‍යාලය ඉදිකිරීමට නියමිතය.

 

අදාළ ව්‍යාපෘති වාර්තාව ඉදිරියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

views

432 Views

Comments

arrow-up