උත්තර කියාදුන් ගුරුවරයා සා පෙළ රාජකාරියෙන් ඉවතට

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින සිසුන් පිරිසකට පිලිතුරු ලිවිමට ආධාර උපකාර කළ බව කියන පාසල් ගුරුවරයෙකු විභාග නිරීක්ෂණ රාජකාරියෙන් ඉවත් කළ බව උතුරු මැද විභාග අධ්‍යක්ෂ එස්.ආර්.ප්‍රියංකර මහතා පැවසිය.
මෙලෙස විභාග රාජකාරියෙන් ඉවත් කර ඇත්තේ අනුරාධපුර කරුක්කංකුලම විජයබා විදුහලේ විභාග නිරික්ෂණ රාජකාරියේ නිරතව සිටි පාසල් ගුරුවරයෙකි.
මෙම ගුරුවරයා එම ප්‍රදේශයේ උපකාරක පංති පවත්වා ඇති අතර ඔහු සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින තම උපකාරක පංතියට පැමිණි සිසුන් පිරිසකට පිළිතුරු ලිවිම සදහා ආධාර උපකාර කරන බවට දෙමාපියන් විසින් අධ්‍යාපන බලධාරින්ට සිදුකළ පැමිණිල්ලක් මත විභාග රාජකාරි වලින් ඉවත් කළ බව විභාග අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පැවසිය.
463 Views
Comments