උපාධිධාරීන් 5500ක් ගුරු සේවයට

තවත් උපාධිධාරී ගුරුවරුන් 5,500ක් නුදුරේදී ම ගුරු සේවයට බඳවාගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.
විද්‍යාපීඨ ගුරුවරුන් 7500කට ලබන 16වැනිදා නව පත්වීම් ලබා දීමට නියමිත අතර විද්‍යාව, ගණිතය, තාක්ෂණය, භාෂාව, භූගෝලය හා වාණිජ වැනි විෂයන්ට අදාළව භාෂා මාධ්‍ය තුනෙන් උපාධිධාරී ගුරුවරුන් 5500ක්, වයස 35 නොයික්ම වූ උපාධිධාරීන් අතරින් නුදුරේදී බඳවාගන්නා බව අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.
භෞතික සම්පත් සමග ම මානව සම්පත ද සම්පූර්ණ කරමින් පාසල් පද්ධතිය සංවර්ධනය කළ යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
නමුත් භෞතික හා මානව සම්පත් සම්පූර්ණ කිරීමෙන් පමණක් අධ්‍යාපනය සංවර්ධනය කළ නොහැකි අතර ඒ සඳහා සිසුන්ගේ විනයගරුකභාවය අත්‍යවශ්‍ය වන බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි.
432 Views
Comments