ඩිජිටල් හා ඇනලොග් ඉලෙක්ට්‍රොනික හදුනාගනිමු - 02

මෙම ලිපියෙන් විද්‍යුත් සංඥා මත පදනම් වන ඉලෙක්ට්‍රොනික තාක්ෂණය ප්‍රභේදයන් හී දෙවෙනි කොටස පිළිබඳව විමසා බලමු.
> ඩිජිටල් ඉලෙක්ට්‍රොනික් මේ නම නම් ඔබ හොඳින් අසා ඇති. වර්ථමාන තාක්ෂණය වන්නේ මේ ඩිජිටල් ඉලෙක්ට්‍රොනික් තාක්ෂණයයි. මෙම ඉලෙක්ට්‍රොනික් තාක්ෂණය පදනම් වී ඇත්තේ අංකිත සංඥා හෙවත් සංඛ්‍යාංක සංඥා ( Digital Signal ) මගිනි. උපරිම හා අවම අගයන් 2 ක් අතර නිශ්චිත වූ පියවර ප්‍රමාණයක් හෝ මට්ටමක් ඇති සංඥාවන් අංකිත සංඥාවන් වෙයි. එනම් උපරිම හා අවම අගයන් 2 ක් අතර වූ පියවර ප්‍රමාණය අංකිත සංඥාවෙහි නිශ්චිතවම ගණනය කිරීමට ඇති හැකියාවයි.
එහෙත් ඩිජිටල් ඉලෙක්ට්‍රොනික් වලදී මෙම පියවර හෝ මට්ටම් විශාල ලෙස භාවිතා වන්නේ නැහැ. එසේ වුවහොත් පරිපථ ඉතා සංකීර්ණ වන නිසාවෙනි. එබැවින් අංකිත සංඥා සඳහා යොදා ගනු ලබන්නේ සංඥා වල ඇති සරලම අවස්ථාව වන උපරිම හා අවම අගය ලෙස පියවර 2 ක් පමණි. අංකිත සංඥා වලදී උපරිම අගය " 1 " ලෙසත් අවම අගය " 0 " ලෙසත් නම්කර ඇත. මෙය හුදෙක් ගණනය කිරීමෙහි පහසුව සඳහාය. එවිට මේ සඳහා ද්විමය සංඥා ( Binary Digit ) භාවිතා කරගනිමින් අවශ්‍ය වූ ගණනයන් සිදුකර ගැනීමට හැකියාව ලැබෙනවා. අංකිත සංඛ්‍යා අප ජීවත් වන පරිසරය තුළ දැකගන්නට නැති තරම්. එහෙත් මිනිසා විසින් නිපදවනු ලබන සෑම ඉලෙක්ට්‍රොනික් උපකරණයක්ම පාහේ මෙම අංකිත සංඥා අන්තර්ගත වනවා.
උදා : ඩිජිටල් සංනිවේදන ක්‍රම, ජංගම දුරකථන, පරිගණක වල මෙලෙස ඩිජිටල් උපකරණවල අංකිත සංඥා නිපදවනු ලබන්නේ පරිපථයට ලබා දෙන බල සැපයුමෙහි ඇති උපරිම හා අවම වොල්ටීයතා මට්ටම් 2 ක පදනම් කරගෙන.
බොහෝ අවස්ථාවලදී ඩිජිටල් පරිපථයක අංකිත සංඥා නිපදවීම සඳහා 5v පමණ වෝල්ටීයතාවයක් භාවිතා කරනු ලබනවා එහිදී 5v ක වෝල්ටීයතාවය අංකිත සංඛ්‍යාවෙහි " 1 " ලෙසත් 0v ක වෝල්ටීයතාව අංකිත සංඥා " 0 " ලෙසද නිරූපනය කරනු ලබයි.
ප්‍රායෝගිකව අංකිත සංඥා නිරූපනයේදී " 0 " නිරූපනය = 0v - 0.8 v දක්වා වෝල්ටීයතාවය හා " 1 " නිරූපනය = 2.4 v - 5v දක්වා වෝල්ටීයතාවයද භාවිතා කෙරේ මෙලෙස අංකිත සංඥා ( Digital Signal ) මත පදනම් වූ ඉලෙක්ට්‍රොනික් තාක්ෂණය " ඩිජිටල් ඉලෙක්ට්‍රොනික් " ( Digital Electronic ) ලෙස හැඳින්වේ. එසේම ඩිජිටල් පරිපථ ගොඩනැගීම සඳහා ඇනලොග් උපාංග හා ඩිජිටල් ඉලෙක්ට්‍රොනික් සඳහාම වෙන්වූ විශේෂ උපාංග කිහිපයක්ද භාවිතා කෙරේ. ඒවා නම්, ලොජික් ගේට්, ෆ්ලිප් - ෆ්ලොප්, රෙසිස්ටර්, රෝම්, රැම්, මල්ටිප්ලෙන්සර්, කවුන්ටර්, මයික්‍රොකන්ට්‍රෝලර් යනාදියයි. මේ සියල්ලම අපට මිලදී ගත හැකි වන්නේ IC ස්වරූපයෙන්.
එසේම මේ හැම ඩිජිටල් උපාංගයක්ම හැදී ඇත්තේද රෙසිස්ටර් ට්‍රාන්සිස්‍ටර් හා අනෙක් සියළු ඇනලොග් උපාංග වලින්මයි. වර්තමානයේදී මයික්‍රොකන්ට්‍රෝලර් යොදා සාදනු ලබන පරිපථයන් ක්‍රමලේඛනය ( Programming ) සඳහාද භාවිතා වේ. ඩිජිටල් ඉලෙක්ට්‍රොනික් තාක්ෂණය පදනම් කොට නිපදවන උපකරණ ඩිජිටල් උපකරණ ( Digital Devices ) නම් වේ. උදා : පරිගණක, ඩිජිටල් කැමරාව, ඩිජිටල් ඔරලෝසු, ඩිජිටල් බහුමානය, ජංගම දුරකථන ඔබට මෙම ලිපි පෙළින් ඇනලොග් හා ඩිජිටල් වෙන්ව හදුන්වා දුන්නද ප්‍රායෝගික භාවිතය ගත් කළ මෙම වර්ග දෙකම එක්ව භාවිතා කිරීම සිදුවන බැවින් මෙම ප්‍රභේද දෙක පිළිබඳව මූලික දැනුම තිබීම ඔබට අත්‍යාවශ්‍ය වනවා.
by Kaushalya De Silva
Photo source : Internet
1280 Views
Comments