ඩිජිටල් හා ඇනලොග් ඉලෙක්ට්‍රොනික හදුනාගනිමු 01
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
01

ඩිජිටල් හා ඇනලොග් ඉලෙක්ට්‍රොනික හදුනාගනිමු 01

ඩිජිටල් හා ඇනලොග් ඉලෙක්ට්‍රොනික හදුනාගනිමු 01

විද්‍යුත් සංඥා මත පදනම් වන ඉලෙක්ට්‍රොනික තාක්ෂණය ප්‍රභේදයන් 2 කට බෙදා දක්වන්න පුළුවන්.

  1.  Analog Electronic ( ඇනලොග් ඉලෙක්ට්‍රොනික් )
  2.  Digital Electronic ( ඩිජිටල් ඉලෙක්ට්‍රොනික් )

 

  •    ඇනලොග් ඉලෙක්ට්‍රොනික්

ඔබට මෙම නම එතරම්ම හුරු පුරුදු නමක් නොවනවා ඇති. මෙම තාක්ෂණය වැඩිපුරම භාවිතා වුනේ ඉලෙක්ට්‍රොනික තාක්ෂණයේ මුල් කාලයේදීය. එහෙත් අදටත් මෙය භාවිතා වන බවත් මතක තබාගන්න.

 

ඇනලොග් තාක්ෂණය පදනම් වී ඇත්තේ ප්‍රතිසම සංඥා හෙවත් ඇනලොග් සංඥා ( Analog Signals ) මතයි. උපරිම හා අවම අගයන් 2 ක් අතර අනන්ත ආකාරයෙන් වෙනස් විය හැකි සංඥා ප්‍රතිසම සංඥා ලෙස හදුන්වයි. ඒ කියන්නේ ප්‍රතිසම සංඥාවක උපරිම හා අවම අගයන් 2 ක් අතර ඇති පියවර ප්‍රමාණයන් ගණන නිශ්චිතවම අපට ගණනය කිරීම අපහසු යන්නයි.

 

 

අප ජීවත් වන පරිසරය තුළත් අපට මේ ප්‍රතිසම සංඥා හදුනා ගත හැකියි. උදාහරණයක් ලෙස මිනිස් කටහඬ වැනි විවිධ වූ ශබ්දයන්, පරිසරයෙහි උෂ්ණත්වය වෙනස් වීම, ආලෝක ත්‍රීවරතාවය වැනි දෑ.

 

ඉලෙක්ට්‍රොනික් පරිපථයක මෙම ප්‍රතිසම සංඥා ක්‍රියාත්මක වනුයේ, බල සැපයුමෙන් ( Power supply ) මගින් ලැබෙන උපරිම හා අවම වෝල්ටීයතා අගයන් මතයි.

 

උදාහරණයක් ලෙස ගත් විට, පරිපථයකට අපි 12 V සැපයුමක් ලබා දෙන්නේ නම්, එහි 0v හා 12v අගයන් 2 ක අතර අනන්ත ප්‍රමාණයේ වෝල්ටීතා මට්ටම් ඇති කරගැනීමට හැකියාව ඇත. ඒවා තුළින් ප්‍රතිසම සංඥා නිපදවේ. මෙ ආකාරයේ ප්‍රතිසම විද්‍යුත් සංඥා මත පදනම් වූ ඉලෙක්ට්‍රොනික තාක්ෂණය Analog Electronic වේ. එසේම ඒ සඳහා ක්‍රියාකරන ඇනලොග් පරිපථ සඳහා ට්‍රාන්සිස්‍ටර්, රෙසිස්ටර්, ඉන්ඩක්ටර්, ස්විච්, කැපෑසිටර්, ඩයෝඩ් හා ඇනලොග් IC වැනි උපාංග භාවිතා කරනු ලබන නිසා මේවා ප්‍රතිසම උපකරණ ( Analog Devices ) ලෙස හදුන්වනු ලබනවා.

 

උදා : ඇනලොග් ඔරලෝසු, ඇනලොග් මල්ටි මීටර්, ඇනලොග් රේඩියෝ

 

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

views

2394 Views

Comments

arrow-up