මෙවර උසස් පෙළට තේරුණු සිසුන් වෙනුවෙන් ශිෂ්‍යත්වයක්

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පළමු වරට පෙනී සිට එම විභාගය සමත් වී අ.පො.ස උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති අරමුදල සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව ශිෂ්‍යත්ව වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වේ.
මෙම ශිෂ්‍යත්ව 2022 වසරේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මත 2024 වර්ෂයේ අ.පො.ස උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 3000කට පිරිනැමීම මෙම වසරේ සිදු කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.
එහි දී දිවයින පුරා කලාප කාර්යාල 100ක් ආවරණය වන පරිදි කලාපයකින් ශිෂ්‍යාවන් 30 දෙනෙකු බැගින් තෝරාගෙන තිබේ.
ශිෂ්‍යත්ව ලාභීන් සඳහා වසර දෙකක කාලයක් මසකට රුපියල් 5000 බැගින් හිමිවන බව වාර්තා වේ.
409 Views
Comments