ලංකාවේ පැරණි පුස්තක යලි ගේන්න වැඩපිළිවෙළක්

අධිරාජ්‍යවාදීන් මෙරටින් රැගෙන ගිය පාරම්පරික වෛද්‍ය ක්‍රම හා බැඳුණු පුස්කොළ පුස්තකයන්හි ප්‍රතිමුද්‍රණ මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනයට දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමැති නීතිඥ සිසිර ජයකොඩි මහතා නව වැඩපිළිවෙළක් සකසා ඇත.
එක්සත් රාජධානියේ ජාතික පුස්තකාලය වන බ්‍රිතාන්‍ය පුස්තකාලය ලොව විශාලතම පුස්තකාලයයි. මෙහි තැන්පත් කර ඇති ග්‍රන්ථ හා ලේඛන ප්‍රමාණය මිලියන 200 ඉක්මවයි.
සිංහල හා පාලි අත් පිටපත් තුන්දහසකට ආසන්න සංඛ්‍යාවක් මෙහි තැන්පත් කර තිබේ. ඒ අතුරෙන් 118ක් වෛද්‍ය ග්‍රන්ථ වේ. ඉන් 35ක් පමණ මෙරට අනෙකුත් පුස්තකාලවලින් වාර්තා නොවන බව පැවසේ. මෙරට අන් කිසිදු පුස්තකාලයකින් හමු නොවන සිංහල හා පාලි ග්‍රන්ථ ද 200ක් පමණ මෙහි ඇති බව හඳුනාගෙන ඇත.
නව වැඩපිළිවෙළ යටතේ මෙම පුස්තකවල ප්‍රතිමුද්‍රණ මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරයි. ඒ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් යූස්ටන්හි පිහිටි බ්‍රිතාන්‍ය පුස්තකාලයේ පාලනාධිකාරිය සමඟ අමාත්‍යවරයා පසුගියදා සිදුකරන ලදි.
378 Views
Comments