තල්මසුන් දෙදෙනෙකු තරම් විශාල මුහුදු උරගයෙක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
16

තල්මසුන් දෙදෙනෙකු තරම් විශාල මුහුදු උරගයෙක්

තල්මසුන් දෙදෙනෙකු තරම් විශාල මුහුදු උරගයෙක්

මෑතක දී බ්‍රිතාන්‍යයේ Abingdon County Hall Museum කෞතුකාගාරයේ ෆොසිල ඡායාරූපකරණයේ යෙදී සිටි මහාචාර්ය David Martill ට තරමක් විශාල කශේරුකා පුරුකක් හා එවැනි ම කොඳුඇට පෙළ පුරුක් දෙකක් ගබඩා තුළ තිබී හමුවිය.



පරීක්ෂණවල දී ඒවා ප්ලයෝසෝරසයෙකුට (Pliosaurus) අයත් බව හඳුනාගැනුණි. ඒ අනුව අනාවරණය කරගත් දත්තවලින් පැහැදිලි වන්නේ පස්චාත් ජුරාසික යුගයේ විසූ මේ සාගර උරගයින් මීටර 9.8 ත් 14.4 ත් අතර දිග ප්‍රමාණයකට වැඩී ඇති බවයි.



වර්ථමානයේ දැකිය හැකි මිනීමරු තල්මසුන් (Killer Whale) දෙදෙනෙකුගේ ප්‍රමාණයෙන් යුතු මොවුන් ප්‍රචණ්ඩකාරී උරග විශේෂයක් ලෙස සැලකේ.

views

515 Views

Comments

arrow-up