සමත් වූ අසමත් අය
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
02

සමත් වූ අසමත් අය

සමත් වූ අසමත් අය

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණයේදී විභාගය අසමත්ව සිටි සිසුන් 146 දෙනකු කඩඉම් ලකුණු අබිබවා විභාගය සමත්ව ඇත. මේ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.



පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීම සඳහා සිංහල මාධ්‍ය සිසුන් 20,334 දෙනකු සහ දෙමළ මාධ්‍ය සිසුන් 4,823 දෙනකු වශයෙන් සිසුන් 25,157 දෙනකු ඉල්ලුම් කර තිබුණි.



ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත් නැවත සමීක්ෂණයේදී පරීක්ෂකවරුන් දෙදෙනෙකු පරීක්ෂාවට ලක්කළ බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

views

400 Views

Comments

arrow-up