MAY
28
සා පෙළ සිසුන්ට සිසුසැරිය

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ "සිසු සැරිය" බස් රථ සේවාව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කළේය.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට (29) ආරම්භ වීමට නියමිත අතර එය ලබන මස 08 වනදා දක්වා පැවැත්වේ.
මෙවර සාමාන්‍ය පෙළ විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,568කදී පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා අපේක්ෂකයින් 472,553 දෙනෙකු පෙනීසිටීමට නියමිතව තිබේ.
392 Views
Comments