අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
30

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කිසිදු පාසලකට විභාගය පැවැත්වෙන කාළසීමාව තුළදී බාහිර පාර්ශ්වයකට ඇතුළුවීම තහනම් බවයි.

 

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා දැනුම් දුන්නේ විභාගයට අදාළ ලියකියවිලි හැර වෙනත් කිසිදු පත්‍රිකාවක් සිසුන් අතර බෙදාහැරීම නොකළ යුතු බවයි.

 

 

ඊයේ (29) දින අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ  කෙරුණු අතර එය ලබන මස 08 වනදා දක්වා පැවැත්වෙයි.

 

 

මෙවර අපේක්ෂකයින් 472,553 දෙනෙකු ඒ සඳහා පෙනීසිටින අතර දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,568කදී විභාගය පැවැත්වීමට කටයුතු සලසා ඇත.

views

346 Views

Comments

arrow-up