කෝටි භාගයේ හොරකමට 19යේ තරුණිය හා තවත් අයෙක් අත්අඩංගුවට

අවිස්සාවේල්ල ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක තැන්පත් කිරීම සඳහා පුද්ගලයෙක් රැගෙන ආ රුපියල් ලක්ෂ 50කට අධික මුදලක් සොරකම් කළ බව කියන දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණියක් සහ 38 හැවිරිදි බුත්තල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බව පොලිසිය පැවසීය.
තැන්පත් කිරීම සඳහා මුදල් රැගෙන ආ පුද්ගලයාගේ රියදුරු ලෙස ඉහත සැකකරු සේවය කර ඇති අතර වෙනත් අයෙකු සමග එම මුදල බැංකුවේ තැන්පත් කිරීමට රැගෙන එමින් සිටියදී එය සොරකම් කළ බවට චෝදනා එල්ල වී ඇති අතර 19 හැවිරිදි සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ එම සිද්ධියට ආධාර අනුබල ලබා දීමේ චෝදනාවටයි.
19 හැවිරිදි තරුණිය සහ 38 හැවිරිදි පුද්ගලයා සතුව තිබී රුපියල් ලක්ෂ 27කට අධික මුදලක් සොයාගෙන ඇත.
476 Views
Comments