උසස් අධ්‍යාපනය නංවන්න අමාත්‍ය විජේදාසගෙන් සැලසුම්

අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව, ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා සහ එම ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේදී රැස් වී ඇති බව වාර්තා වේ.
පාර්ලිමේන්තුවේ සන්නිවේදන ඒකකය සඳහන් කළේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා රාජ්‍ය නොවන පුද්ගලික උසස් අධ්‍යාපන ආයතන වල දායකත්වය ලබාගැනීම සහ ඒවා කාර්යක්ෂම කිරීමට ඇති අවස්ථා සහ බාධා පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු බවයි.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන වල නියෝජිත පිරිස් ද මෙම අවස්ථාවට සහභාගී වූ අතර එම ක්ෂේත්‍රය පුළුල් කිරීම සඳහා පවතින අවස්ථා, ඊට ඇති බාධා සහ ඉදිරි ගමන් මග පිළිබඳ එම නියෝජිත පිරිස අදහස් ඉදිරිපත් කර තිබේ.
කමිටු සභාපති විජේදාස රාජපක්ෂ මහතා පැමිණ සිටි නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉදිරියේදී සිදු කිරීමට නියමිත වෙනස්කම් සම්බන්ධයෙන් සුදුසු නිර්දේශ ලිඛිතව ඉදිරිපත් කරන ලෙසටයි.
උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව්‍යකරණයන් සහ නව වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක කිරීමට අවස්ථා පවතින නමුත්, ඒවා ඉදිරියට ගෙනයාමට නීතිමය ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බව මෙහි පැමිණි උසස් අධ්‍යාපන ආයතන නියෝජිතයින් පෙන්වා දුන් අතර මෙම තත්ත්වය පහසු කිරීම සඳහා රාජ්‍ය මැදිහත් වීමකින් යුත් නම්‍යශීලී ක්‍රමවේදයක අවශ්‍යතාවයද සඳහන් කර ඇත.
352 Views
Comments