JUN
20
පාසල් හැර යන සිසුන්ට වෘත්තීය පුහුණුවක්

පාසල් හැර යන දරුවන් නොමිලේ වෘත්තීය පුහුණුවට යොමු කරන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
අද (19) පෙරවරුවේ මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති ප්‍රාදේශීය සංවර්ධන රැස්වීමේදී පාසල් හැරයන දරුවන් පිළිබඳ නිසි දත්ත වාර්තාවක් සකස් කරන්නැයි ද අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබාදී තිබේ.
පාසල් හැර යන දරුවන් නොමිලේ පාඨමාලා සඳහා යොමුකර ඔවුන්ගේ අනාගතය සාර්ථක කිරීමට අවශ්‍ය පියවර ගැනීම සියලුදෙනාගේ යුතුකමක් සහ වගකීමක් බව අග්‍රාමාත්‍යවරයා එහිදී පෙන්වා දී ඇත.
454 Views
Comments