පාර්ලිමේන්තුව ගැන සිසුන්ට කියාදෙන වැඩසටහනක්

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ, සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද, ‘පාර්ලිමේන්තු විදු පියස’ මහජන සේවා වැඩසටහන් මාලාවේ තවත් සුවිශේෂි වැඩසටහනක් මීගමුව සාන්ත පීතර විදුහලේදී සාර්ථකව පැවැත්විණි.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව , එහි ව්‍යවස්ථාදයක ක්‍රියාවලිය, න්‍යාය සහ සම්ප්‍රදාය ඇතුළු කරුණු පිළිබඳව තරුණ ශිෂ්‍ය ශිෂ්‍යාවන් දැනුවත් කිරීමේ අරමුණින් මෙම වැඩසටහන පැවැත්වුණේ අදාළ පාසැල විසින් පාර්ලිමේන්තුවෙන් කරන ලද විශේෂ ඉල්ලීමකට අනුවය.
මෙම පාර්ලිමේන්තු විදු පියස වැඩසටහන සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරමින්, ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ සහ සන්නිවේදන අධ්‍යක්ෂ (වැඩබලන) ජනකාන්ත සිල්වා මහතා, මහජන සේවා නිලධාරී දුමින්ද වික්‍රමසිංහ මහතා , මාධ්‍ය නිලධාරී සෞම්‍ය ඒකනායක මහතා ඇතුළු පාර්ලිමේන්තුවේ නිලධාරීහු එදින සම්පත් දායකයන් ලෙස සම්බන්ධ වූහ.
මෙහිදී , අනාගත තරුණ පුරවැසියන් ලෙස පාසැල් ප්‍රජාව පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් දැනුවත් විය යුතු තොරතුරු වඩාත් සරළව ඉදිරිපත් කෙරුණු අතර දරුවන් සහ ගුරුවරු සියලු දෙනා අතිශය උද්‍යෝගයෙන් යුතුව මෙම වැඩසටහනට සම්බන්ධ වී සිටින අයුරු දැකිය හැකි විය.
423 Views
Comments