විද්‍යා පීඨ ඩිප්ලෝමාව උපාධියක් කරන්න යයි.
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
22

විද්‍යා පීඨ ඩිප්ලෝමාව උපාධියක් කරන්න යයි.

විද්‍යා පීඨ ඩිප්ලෝමාව උපාධියක් කරන්න යයි.

විද්‍යාපීඨ ගුරුපත්වීම් ප්‍රදානය වෙනුවෙන් අරලියගහ මන්දිරයේ දී උත්සවයක් පැවැත්වුණි. එහි දී බස්නාහිර පළාත් හා ජාතික පාසල්වලට අදාළ ගුරු පත්වීම් 2,355 ක් ප්‍රදානය කිරීම ජනාධිපතිවරයාගේ හා අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු විය. ඉතිරි විද්‍යාපීඨ පත්වීම් ප්‍රදානය කිරීම ද ඊට සමගාමී ව පළාත් 8 ක සිදු විය.



ඉදිරියේ දී මෙම විද්‍යා පීඨ ශික්ෂණ ඩිප්ලෝමාව සිව් වසරක් දක්වා දීර්ඝ කර උපාධි පාඨමාලාවක් දක්වා සංවර්ධනය කරන අතර දැනට ඩිප්ලෝමාව සම්පූර්ණ කළ ගුරුවරුන්ට එය උපාධියක් දක්වා වර්ධනය කරගැනීමේ අවස්ථාව සලසා දෙන බව අධ්‍යාපන අමාත්‍යවරයා මෙහි දී පැවසී ය.



ඒ සඳහා මීපේ පිහිටුවා ඇති දකුණු ආසියානු ගුරු සංවර්ධන මධ්‍යස්ථානය මගින් ඉදිරියේ දී ලබා දෙන පශ්චාද් උපාධි පාඨමාලා මෙහෙයවන බවත් ජාතික අධ්‍යාපන ආයතනය හා ගුරු අභ්‍යාස විද්‍යාල වැනි අදාළ ආයතන සමග එක් ව එම වැඩසටහන් සංවිධානය කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

views

555 Views

Comments

arrow-up