බොනික්කාගේ අස්සේ කුඩු කුරිය කළ කොළඹ "කුඩු නෝනි" අත්අඩංගුවට (PHOTOS)

කුඩු බෙදීම සඳහා දැන් සෙල්ලම් බඩුද පාවිච්චි කරනවා.ඊට හොඳම උදාහරණයක් මේ.බෝනික්කෙකුගේ ඇඟෙහි සඟවා හෙරොයින් බෙදා හැරි කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වෙලා තියෙනවා.
ත්‍යාගයක් ලෙස සකස් කළ මෙම බෝනික්කාගේ යටි පැත්තෙහි හෙරොයින් සඟවලා කුරිය සේවාවක් මඟින් ප්‍රවාහනය කරලා තියෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන තියෙන්නේ කුඩු නෝනි නැමැති ප්‍රධානපෙළේ හෙරොයින් ජාවාරම්කාරියක්.ඇයගේ කඩුවෙල නිවස තුළ තිබූ හෙරොයින් ග්‍රෑම් 56 ක් ද පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා.
කුඩු නෝනි විසින් මෙම හෙරොයින් බොනික්කා අනුරාධපුරයට යැවීමට සැළසුම් කොට තිබියදී මෙලෙස පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යාංශ නිළධාරින් විසින් අත්අඩංගුවට ගැණුනා.ඇය කොළඹ හෙරොයින් ජාවාරමේ නියලෙන්නෙකි.ඇයගේ වයස 49 යි.
හෙරොයින් බෙද හැරීමේ නවීන ක්‍රමයක් ලෙසද මෙම ක්‍රමය භාවිත කෙරෙන බවයි පොලිසිය කියා සිටියේ.
5962 Views
Comments