ඉදිරි සතිය තුළ සියලු පාසල් ගුරුවරුන්ට කොවිඩ් එන්නත්

කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත සියලු පාසල් ගුරුවරුන් සඳහා ලබාදීමට සැලසුම්කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
ඉදිරි සතිය තුළ ගුරුවරුන්ට එන්නත් ලබාදීමේ කටයුතු ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කළේය.
පාසල් අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට පෙර සියලු ගුරුවරුන්ට කොවිඩ් එන්නත ලබාදීමට පියවර ගන්නා බව ජී.එල්. පීරිස් අමාත්‍යවරයා එහිදී වැඩි දුරටත් පැවසීය.
”සෑම ගුරුවරයෙක් සඳහාම එන්නත ලබාදීමේ ක්‍රමවත් වැඩපිළිවෙලක් අපි සකස් කරගෙන යනවා. මේ රටේ ඉන්නවා ගුරුවරුන් 242,000ක් විතර. මාත්‍රා දෙකම අපි වෙන් කරලා ඒ වැඩපිළිවෙල දියත් කරනවා. ඒ වගේම අපි දැවැන්ත උත්සායක් දරනවා ඉක්මනින් පාසල් යළි විවෘත කිරීමට.”
810 Views
Comments