ගල්කිස්ස දැරිය අපයෝජන සිද්ධියට හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු අත්අඩංගුවට

අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පලකර ගල්කිස්ස ප්‍රදේශයේ වයස අවුරුදු 15ක දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියට වැලිසර නාවික හමුදා රෝහලේ සේවය කරන හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ විශේෂඥ වෛද්‍යවරයා ලෙෆ්ටිනන් කමාන්ඩර් තනතුරෙහි සේවය කරන්නෙකු බවයි පොලිස් ආරංචි මාර්ග වාර්තාකළේ.
අවස්ථා දෙකකදී මෙම විශේෂඥ වෛද්‍යවරයා අදාල පහළොස් හැවිරිදි දැරිය අපයෝජනයට ලක්කර ඇති අතර ඒ වෙනුවෙන් වරකට රුපියල් 15,000 බැගින් අවස්ථා දෙකකදී රුපියල් 30,000ක් වැයකර තිබෙනවා.
පොලිස් ළමා හා කාන්තා කාර්‍යාංශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා එක්ව අද අළුයම අදාල පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර බණ්ඩාරගම ප්‍රදේශයේදීයි.
අත්අඩංගුවටගත් විශේෂඥ වෛද්‍යවරයා සහ අනෙක් පුද්ගලයා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේවන විට මෙම දැරිය අපයෝජන සිද්ධියට අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 34ක්.
955 Views
Comments