ශ්‍රී ලංකා ක්‍රිකට් පිත්ත ධම්මික අතට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු තනතුරේ තාවකාලිකව වැඩ බැලීමට ධම්මික සුදර්ශන මහතා කැදවා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුව පවසයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆල්වර් කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් දැනට පුරප්පාඩු වී තිබෙන ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු තනතුරේ තාවකාලීකව වැඩ බැලීම සඳහා වයස අවුරුදු 19 න් පහළ ප්‍රධාන පුහුණුකරු ධම්මික සුදර්ශන පත් කර තිබෙනවා.
ධම්මික සුදර්ශන මහතා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ හිටපු ප්‍රධාන පුහුණුකරු වන අතර ධනංජය ද සිල්වා, වනිදු හසරංග , චරිත් හසලංක, කමිදු මෙන්ඩිස් , ධනංජය ලක්ෂාන් ක්‍රීඩකයින් ඔහු යටතේ පාසල් සමයේදි පුහුණුව ලැබු ක්‍රීඩකයින් වන අතර ඔහු අද සිට ක්‍රිකට් කණ්ඩායම සමග පුහුණුවීම් ආරම්භකිරීමට නියමිතය.
880 Views
Comments