SEP
27
ගම්මන්පිලගේ තෙල් සාකච්ඡාවලට කොල එළි

අමාත්‍ය ගම්මන්පිල මහතා මීට පෙර සැප්තැම්බර් 21 සිට 23 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ගෑස් තාක්‍ෂණ ප්‍රදර්ශනය සහ සමුළුවට සහභාගී විය.
ඔහු ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ණය පහසුකම ඉහළ නැංවීම ගැන සාකච්ඡා කිරීම සඳහා ඇඩ්නොක් (අබුඩාබි ජාතික තෙල් සමාගම) ගෝලීය වෙළෙඳ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ද හමු විය.
මෙම සාකච්ඡා වල යම් ධනාත්මක ස්වරූපයක් සහ අබුඩාබි ජාතික තෙල් සමාගම ශ්‍රී ලංකාව කෙරෙහි පැහැදීමකින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
739 Views
Comments