ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි - අකුණු අනතුරු වළක්වා ගන්නා ලෙස උපදෙස්
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
SEP
20

ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි - අකුණු අනතුරු වළක්වා ගන්නා ලෙස උපදෙස්

ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි - අකුණු අනතුරු වළක්වා ගන්නා ලෙස උපදෙස්

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

 

සෙසු ප්‍රදේශ වල සවස 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 75 ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැක.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

 

කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා සහ පුත්තලම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශ තැනින් තැන වැසිහෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සෙසු මුහුදු ප්‍රදේශ වල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

 

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමා එයි. සුළගේ වේගයපැ.කි.මී. (20-30) පමණ වේ.මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-45) පමණ දක්වා වැඩි විය හැක.

 

මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විටතරමක් රළු විය හැක. සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළුවිය හැක.
 

views

837 Views

Comments

arrow-up