උතුම් බිනර පොහොය අදයි
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
SEP
20

උතුම් බිනර පොහොය අදයි

උතුම් බිනර පොහොය අදයි

ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීමක් වන භික්ෂූණි ශාසනය ආරම්භවීම ඇතුළු තවත් ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රැසකට මුල් වූ උතුම් බිනර පුන් පොහෝ දිනය අදට යෙදී තිබේ. 

 

බිනර පොහොය වස් සමයේ අතරමැදි පොහොය ලෙසද සැලකේ.

 

කාන්තාවන් හට පැවිද්ද ලබාදෙමින් මහා ප්‍රජාපතී ගෝතමිය ඇතුළු කාන්තාවන් 500ක් බුද්ධ ශාසනයට එක්වූයේද අදවන් බිනර පෝය දිනක වීම විශේෂත්වයකි. 

 

අෂ්ඨ ගරු ධර්ම බුදුරජාණන්වහන්සේගෙන් විමසා ආනන්ද හිමි විසින් එය මහා ප්‍රජාපතිගෝතමී දේවියට පහදා දීමෙන් අනතුරුව ගරුධර්ම ආරක්ෂා කරන බවට ප්‍රතිඥා ලබාදුන්නේද බිනර පොහොය දිනකදීය. 

views

870 Views

Comments

arrow-up