දිස්ත්‍රික්ක කිහිපයකට නායයාම් අනතුරු නිකුත් කරයි
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
SEP
27

දිස්ත්‍රික්ක කිහිපයකට නායයාම් අනතුරු නිකුත් කරයි

දිස්ත්‍රික්ක කිහිපයකට නායයාම් අනතුරු නිකුත් කරයි

ඊයේ දිනයේ සිට ශ්‍රි ලංකාවේ ප්‍රදේශ කිහිපයක් සඳහා කඩා හැලෙන අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නාය යාම් අනතුර නිකුත් කොට ඇත.

 

මෙලෙස දිස්ත්‍රික්ක පහක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.

 

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය සහ නෙළුව යන ප්‍රදේශ සඳහාත් කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට සහ රුවන්වැල්ල යන ප්‍රදේශ සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇත.

 

මීට අමතරව මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස, කොටපොල, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහ‍ැළියගොඩ, කුරුවිට, කලවාන, නිවිතිගල සහ රත්නපුර යන ප්‍රදේශ සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.

 

මේ අතර දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

views

763 Views

Comments

arrow-up