දිස්ත්‍රික්ක 03ක ග්‍රාම නිලධාරී වසම් 09ක් හුදකලා කරයි
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAY
21

දිස්ත්‍රික්ක 03ක ග්‍රාම නිලධාරී වසම් 09ක් හුදකලා කරයි

දිස්ත්‍රික්ක 03ක ග්‍රාම නිලධාරී වසම් 09ක් හුදකලා කරයි

මේ මොහොතේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි යාපනය, මඩකලපුව, මොණරාගල, යන දිස්ත්‍රික්ක තුනෙහි ග්‍රාම නිලධාරී වසම් 09 ක් හුදකලා කර ඇති බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

 

මෙලෙස හුදෙකලා කර ඇත්තේ,

 

යාපනය දිස්ත්‍රික්කය, පලෙයි උතුර ග්‍රාම නිලධාරී වසම

මඩකලපුව දිස්ත්‍රික්කය කල්මඩු ග්‍රාම නිලධාරී වසම

මොණරාගල දිස්ත්‍රික්කය කිරි වැව ග්‍රාම නිලධාරී වසම, සෙවනගල ග්‍රාම නිලධාරී වසම, බහිරව නිලධාරී වසම, හබරත්තවෙල ග්‍රාම නිලධාරී වසම, හබරුගල ග්‍රාම නිලධාරී වසම, මහගම ග්‍රාම නිලධාරී වසම, ඉඳිකොළපැලැස්ස ගම නිලධාරී වසම යන ග්‍රාම නිලධාරී වසම් 09 යි.

views

1492 Views

Comments

arrow-up