බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියා යන්න ගිය 29ක් අත්අඩංගුවට

මුහුදු මාර්ගයෙන් නීති විරෝධීව ඔස්ට්‍රේලියාව වෙත යාමට සූදානමින් ඉරණවිල නිවසක සැඟව සිටි පුද්ගලයන් 29 දෙනෙකු අත්අඩංගුවට පත්වී ඇත.
ඉරණවිල ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් සහ හලාවත පොලීසියේද සහාය ඇතිව නාවික හමුදාව විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.
සැකකරුවන් දාහතර දෙනෙකු ඊයේ දිනයේදීද ඉතිරි පහළොස් දෙනා අද අළුයම ද මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
අත්අඩංගුවට ගන්නා විට ඔවුන් සතුව ගමනට සූදානම් කරගත් ඖෂධ ඇඳුම් පැළඳුම් මෙන් ම බිස්කට් වර්ග ද තිබුණි.
සැකකරුවන් යාපනය මඩකලපුව, මුලතිව්, වැල්ලවාය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර වැඩිදුර පරීක්ෂණ සඳහා ඔවුන් හලාවත පොලීසියට භාර දී තිබේ.
527 Views
Comments