කැළණි, කළු ගංඟාවල ජල මට්ටම් ඉහළට - දැදුරු ඔය, කුකුළේ ගඟ වාන් දොරටුත් විවෘතයි
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAY
14

කැළණි, කළු ගංඟාවල ජල මට්ටම් ඉහළට - දැදුරු ඔය, කුකුළේ ගඟ වාන් දොරටුත් විවෘතයි

කැළණි, කළු ගංඟාවල ජල මට්ටම් ඉහළට - දැදුරු ඔය, කුකුළේ ගඟ වාන් දොරටුත් විවෘතයි

ඊයේ (13) දිනය තුළ පැවති වර්ෂාවත් සමඟ කැලණි ගඟේ ජල මට්ටම සීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

 

මේ හේතුව නිසා බියගම, කොලොන්නාව, කඩුවෙල, සීතාවක, කොළඹ, වත්තල, දොම්පේ, රුවන්වැල්ල දෙහිඕවිට ප්‍රදේශ වල කැලණි ගඟ දෙපස පහත් බිම්වල රැඳී සිටින ජනතාව අවධානයෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙනවා.

 

එමෙන්ම කළු ගඟේ ජල මට්ටම ද මේ වන විට සීඝ්‍ර ඉහළ යමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

 

මීට අමතරව දැදුරුඔය ජලාශය වාන් දොරටු හතරක් සහ කුකුලේගඟ ජලාශය වාන් දොරටු දෙකක් විවෘත කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ එම ජලාශ මේ වන විට පිටාර මට්ටමට පැමිණ ඇති නිසාවෙනුයි.

 

 

views

1379 Views

Comments

arrow-up