ඊයෙ ස්ටිකරය භාවිතා කර අද ගමන් යන්න බැහැ

ඊයේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ නගරයට ඇතුළු වන හා පිටවන වාහන පරික්ශා කරන ස්ථාන 52ක දී වාහන වල වාමුවාව මත ස්ටිකර් ඇලවීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරුණා.
කෙසේ නමුත් ඊයේ දිනයේදී අලවන ලද ස්ටිකරය වෙනුවට අද දිනයේදී වෙනත් වර්ණයකින් යුතු ස්ටිකරයක් වාමුවාව මත අලවන බැවින් ඊයේ දිනයේ දී අලවන ලද ස්ටිකරේ භාවිතා කරමින් අද දින ගමන් කිරීමට නොහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරනවා.
එම ස්ටිකරයේ ඇලවීමේදී ඊයේ දිනයේ දී යම් යම් අඩුපාඩු සිදු වූ බවත් අද දිනයේ දී ඒ සියලු අඩුපාඩු මඟහරවා ගෙන අඛණ්ඩව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
689 Views
Comments