කොළඹ හිටපු නාගරික මන්ත්‍රීවරියක් සතුව ඉබේ මැවුණු මෝටර් රථයක්

කිසිදු ලිපි ලේඛනයක් හෝ ලියා පදිංචි සහතිකයක් නොමැති මෝටර් රථයක් පිළිබඳව කළ විමර්ශනයකදී කොළඹ හිටපු නාගරික මන්ත්‍රීවරියක් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් සැකකාරිය කොළඹ 13 ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
රේගු නීතීන් උල්ලංඝනය කරමින් විවිධ රටවල් වලින් කොටස් ගෙන්වා මෙරටදී එකලස් කර මෙම මෝටර් රථය නිෂ්පාදනය කර ඇති බව විමර්ශනවලදී අනාවරණය විය.
පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශ වලට ලැබුණු තොරතුරක් අනුව අත්අඩංගුවට ගත් සැකකාරිය මේ වන විට වෙරළබඩ පොලිසිය භාරයේ සිටින අතර ඇයව අද අලූත්කඩේ අලුත්කඩේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
883 Views
Comments