ඩෙල්ටා රටපුරා යයි සොයන්න අලුත් මෙහෙයුමක්
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUL
13

ඩෙල්ටා රටපුරා යයි සොයන්න අලුත් මෙහෙයුමක්

ඩෙල්ටා  රටපුරා යයි  සොයන්න අලුත් මෙහෙයුමක්

කොරෝනා නව විකෘති ප්‍රභේදයක් වන ඩෙල්ටා ආසාධිත අය මෙරට දිස්ත්‍රික්ක කීපයකින් 24 දෙනකු හදුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

 

මිට පෙර වාර්තා වූ ⁣ඩෙල්ටා ආසාධිතයින් 14 දෙනාට අමතරව අලුතින් 10 දෙනකු හදුනාගෙන ඇත.

 

මේ අතර ඩෙල්ටා වෛරස් ව්‍යාප්තිය පිලිබද දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ලබා ගත් සාම්පල් 96කින්  අහඹු පරීක්ෂණයක් ආරමිභකර ඇති අතර එහි ප්‍රතිථල ඉදිරි සතියේ ලබා දීමට හැකි බවද වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසීය.

 

 ඔහු වැඩිදුරටත් පැවසුවේ  කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ අකුරට ම පිළිපැදිය යුතු බවයි.

views

845 Views

Comments

arrow-up