පොලිස් නිළධාරීන් දෙදෙනාට පහරදුන් සැකකරු අත්අඩංගුවට

119 පොලිස් හදිසි දුරකථන අංශයට ලැබුණු පැමිණිල්ලක් මත අදාළ විමර්ශනයට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනාට පහර දුන් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත.
ගන්දර ප්‍රදේශයේ මනුෂ්‍ය ඝාතනයක සාක්ෂිකරුවෙකු හට මරණ තර්ජන සිදු කිරීමක් සම්බන්ධව මෙලෙස පොලිස් හදිසි ඇමතුම් අංශයට පැමිණිලි කර ඇති අතර එම නිවසේ ආරක්ෂාවට පොලීසියේ දෙදෙනෙක් ද යොදවා ඇත.
මෙම අවස්ථාවේ එම ස්ථානයෙන් කඩුවක් අතැතිව ගමන් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් නිලධාරීන්ට විරෝධය පළ කර අත සපා කෑමක්ද සිදුකර ඇත.
එම අවස්ථාවේ අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනා තලල්ල රෝහල වෙත ඇතුළත් කර ඇති අතර පසුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
795 Views
Comments