Ever Given අත් අඩංගුවට ගනී. නෞකවේ වටිනාකම මෙන් 7 ගුණයක වන්දියක් ගෙවීමට නියෝග !
විදේශගත ඔබට
Latest_News
calendar
APR
14

Ever Given අත් අඩංගුවට ගනී. නෞකවේ වටිනාකම මෙන් 7 ගුණයක වන්දියක් ගෙවීමට නියෝග !

Ever Given අත් අඩංගුවට ගනී. නෞකවේ වටිනාකම මෙන් 7 ගුණයක වන්දියක් ගෙවීමට නියෝග !

සතියක කාලයක් පුරා සුවස් ඇල අවහිර කර තිබූ M G Ever Given නෞකාව ඊජිප්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

ඊජිප්තු අධිකරණය විසින් ලබාදුන් තීන්දුවකට ඒ අනුව මෙම නෞකාව තම භාරයට ගත් බවයි සුවස් ඇළ පාලන අධිකාරිය පවසා ඇත්තේ.

 

නෞකාව සිරවීමෙන් ඊජිප්තුවට සිදු වූ අලාභයට වන්දි ගෙවන තෙක් නෞකාව රඳවා ගැනීමට ඊජිප්තු වෙළඳ අධිකරණය නියෝග කර තිබෙනවා.

 

මේ සමඟම ඩොලර් මිලියන 900 ක වන්දියක් ගෙවන තෙක් Ever Given නෞකාව ඊජිප්තුව විසින් රඳවා ගැනීමට නියමිතයි.

 

වන්දි මුදල නෞකාවේ වටිනාකම මෙන් 7 ගුණයකට ආසන්න බවයි පැවසෙන්නේ.

 

සුවස් ඇල වසරකදී උපයන ආදායමෙන් 20 % මෙම වන්දි මුදලට සමාන බව ප්‍රකාශ වනවා.

 

ගතවූ වසරේ දී සූවස් ඇල මාර්ගය මගින් ඊජිප්තුව ඩොලර් බිලියන 5 ක ආදායමක් උපයා තිබුණා.

 

මෙම නිසා වන්දි මුදල සාධාරණ නොවන බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

 

නෞකාව සිරවී තිබූ සතියක කාලය තුළ ඩොලර් මිලියන 100 ක අලාභයක් ඊජිප්තුවට සිදුවී තිබුණා.

 

සුවස් ඇළ මාර්ගයට සිදුවූ හානිය සහ ඉන් ගලවා ගැනීමට දැරූ පිරිවැය මෙයට එක් කර තිබෙන බවයි ඊජිප්තු බලධාරීන් පවසන්නේ.

 

ඊජිප්තුවේ ඉස්මයිලියා වෙළඳ අධිකරණය මෙම තීන්දුව ලබාදී ඇති අතර වන්දි මුදල සම්බන්ධයෙන් එකඟතාවකට එළඹීමට සඳහා සාකච්ඡා ක්‍රියාත්මක වන බව ජපානයේ Shoei Kisen නෞකා සමාගමේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.

 

මේ වන විටත් නෞකාවේ කාර්ය මණ්ඩලය නෞකාව තුළ නිවාස අඩස්සියට පත් කර ඇති බව වාර්තා වෙනවා.

views

872 Views

Comments

arrow-up