පාකිස්තානයේ පෙළපොත් මුද්‍රණයට කඩදාසි නෑ
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
24

පාකිස්තානයේ පෙළපොත් මුද්‍රණයට කඩදාසි නෑ

පාකිස්තානයේ පෙළපොත් මුද්‍රණයට කඩදාසි නෑ

රටේ කඩදාසි අර්බුදය හේතුවෙන් නව අධ්‍යයන වර්ෂය සඳහා පාසල් පෙළපොත් මුද්‍රණය කිරීමට නොහැකි බව පාකිස්තානයේ කඩදාසි සංගම් අනතුරු අඟවා සිටියි.


සමස්ත පාකිස්තාන කඩදාසි වෙළෙඳ සංගමය, පාකිස්තාන මුද්‍රණ ග්‍රැෆික්කරුවන්ගේ සංගමය සහ එරට කඩදාසි කර්මාන්තයට සම්බන්ධ සෙසු සංගම් ද මාධ්‍ය හමුවක් කැඳවමින් වැඩි දුරටත් කියා සිටියේ පවතින කඩදාසි අර්බුදය හේතුවෙන් 2022 අගෝස්තු මාසයේ ආරම්භ වන නව අධ්‍යයන වර්ෂය සඳහා පෙළපොත් කිසිවක් මුද්‍රණය කිරීමට නොහැකි වනු ඇති බවය.


මේ වනවිටත්, පාකිස්තානයේ සින්ද්, පන්ජාබ්, කයිබර් ආදී ප්‍රාන්තවල පාසල් පෙළපොත් මුද්‍රණය නවත්වා දමා ඇති බව වාර්තා වේ.


කඩදාසි සම්බන්ධයෙන් හටගත් අර්බුදය මේ වනවිට ලෝකයේ රටවල් බොහොමයකට බලපෑම් කර තිබේ. ඒ, ගෝලීය උද්ධමනය හේතුවෙනි.


කෙසේ නමුත් පාකිස්තානය කඩදාසි අර්බුදයකට මුහුණ පා සිටින්නේ, බලයෙන් නෙරපා දැමුණු පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ප්‍රමුඛ රජය සහ වත්මන් අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්ගේ නව රජයේ වැරදි ප්‍රතිපත්ති මෙන්ම දේශීය කඩදාසි කර්මාන්තයේ පවතින ඒකාධිකාරය නිසා යැයි චෝදනා එල්ල වී තිබේ.

views

193 Views

Comments

arrow-up