පාපැදිකරුවන්ට වේග සීමා සහ අංක තහඩු අනිවාර්යයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
18

පාපැදිකරුවන්ට වේග සීමා සහ අංක තහඩු අනිවාර්යයි

පාපැදිකරුවන්ට වේග සීමා සහ අංක තහඩු අනිවාර්යයි

 

බ්‍රිතාන්‍ය තුළ පාපැදිකරුවන් සඳහා වේග සීමාවක් පැනවීමට සහ අංක තහඩු අනිවාර්යය කිරීමක් සම්බන්ධයෙන් අවධානය යොමුව ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

 

එයට ප්‍රවාහන අමාත්‍ය ග්‍රාටේ ශාස් විසින් පසුගියදා අලුත් කළ එරට මාර්ග නීති යටතේ මෙම තත්වය උදාවනු ඇතැයි සඳහන් වෙයි.

 

ඒ අනුව පාපැදිකරුවන්ගේ උපරිම වේග සීමාව පැයට සැතපුම් 20ක් බවට පත්වෙනු ඇති බවත්,බොහෝ විට පාපැදිකරුවන්ට අංක තහඩු පැළදීමක් අනිවාර්ය කෙරෙනු ඇති බවත් පැවසෙයි. 

 

අද වනවිට බ්‍රිතාන්‍ය පාපැදිකරුවන්ගේ හැසිරීම් නිසා මහ මග ගමන් කරන පිරිසට සිදුවන අනතුරු වළක්වා ගැනීම මෙම නීති පැනවීමේ අරමුණ වී තිබේ.

 

 කෙසේ වෙතත් මෙලෙස නීති පැනවීම හරහා තමන්ට පාපැදිකරුවන් අධෛර්යමත් කිරීමට වුවමනාවක් නොමැති බව පෙන්වා දෙන අමාත්‍යවරයා, මෙම ක්‍රමවේදය හරහා නීති කඩන පාපැදිකරුවන් කවුරුන්ද යන්න හඳුනාගැනීමට හැකියාව ලැබෙනු ඇති බවත් පවසයි.

views

125 Views

Comments

arrow-up