ප්‍රංශයේ ලැව්ගිනි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
12

ප්‍රංශයේ ලැව්ගිනි

ප්‍රංශයේ ලැව්ගිනි

ප්‍රංශයේ නිරිතදිග ප්‍රදේශයේ හට ගෙන ඇති ලැව්ගිනි හේතුවෙන් මේ වනවිට හෙක්ටයාර 7000කට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇති අතර ගින්න මැඩපැවැත්වීමට අධික උෂ්ණත්වය සහ සුළඟෙන් බාධා මතුවී තිබෙනවා.

මෙම ලැව්ගිනි පාලනයට එරට ගිනි නිවීමේ භටයන් දහසකට වැඩි පිරිසක් යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට අදාළ ප්‍රදේශවල පුද්ගලයන් දහ දාහකට ආසන්න සංඛ්‍යාවක් එම පෙදෙස් හැරගොස් ඇති බවද වාර්තා වනවා.

මේ අතර යුරෝපයේ මේ දිනවල වාර්තා වන අධික උෂ්ණත්වය හේතුවෙන් ස්පාඤ්ඤය සහ පෘතුගාලයේ මරණ දාහක් පමණ සිදුවී තිබෙනවා.

views

156 Views

Comments

arrow-up