යැවූ පණිවිඩ වෙනස් කරන්න ඉඩ

තම පරිශීලකයින්ට යැවූ පණිවිඩ සංස්කරණය කිරීමට ඉඩදෙන බව වට්ස්ඇප් සමාගම පවසයි.
ඒ අනුව පණිවිඩ යැවීමෙන් පසු විනාඩි 15 ක් දක්වා කාලය තුලදී එය සංස්කරණය කළ හැකිය.
මෙම විශේෂාංගය ඉදිරි සතිවලදී වට්ස්ඇප් පරිශීලකයින්ට ලබා ගත හැකි වනු ඇත.
"වැරදි අක්ෂර වින්‍යාසයක් සරලව නිවැරදි කිරීමේ සිට පණිවිඩයකට අමතර කරුණු එක් කිරීමක් දක්වා, ඔබේ චැට් වල වැඩි පාලනයක් ඔබට ලබාදීමට අපි නොඉවසිල්ලෙන් පසුවෙමු. මිනිත්තු 15 ක කාලයක් ඇතුලත දී ඔබට අවශ්‍ය; යවන ලද පණිවිඩය මත දිගු වේලාවක් ඇඟිල්ලෙන් තද කර ගෙන සිට ( long-press) එහි මෙනුවෙන් 'Edit' තෝරා ගැනීම පමණයි ඔබ කළයුතු වන්නේ," සමාගම පවසා සිටියේය.
සංස්කරණය කරන ලද පණිවිඩ 'edited' ලෙස පෙන්නුම් කරනු ලබන අතර, එමඟින් පණිවිඩයේ අන්තර්ගතය වෙනස් කර ඇති බව එම පණිවිඩය ලබන අය දැනුවත් වනු ඇත.
339 Views
Comments