අපි නොදන්න තවත් සඳක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
02

අපි නොදන්න තවත් සඳක්

අපි නොදන්න තවත් සඳක්

පෘථිවියත් සමග ම ගමන් ගන්නා ග්‍රහකයක් සොයාගන්නට විද්‍යාඥයන් මෑතක දී සමත් විය. 2023 FW13 යනුවෙන් නම් කර ඇති එය පෘථිවියේ ‘අර්ධ චන්ද්‍රෙයක්’ නැති නම් ‘අර්ධ උපග්‍රහයෙක්’ ලෙස හැඳින්විය හැක.



2023 FW13 මීටර 15 ක පමණ විෂ්කම්භයකින් යුක්තය. හිරු වටා යන ගමනේ දී එය පෘථිවිය වටා පරිභ්‍රමණය වේ. ඒ පෘථිවියේ සිට කිලෝමීටර මිලියන 14 ක දුර පරතරයක් පවත්වා ගනිමිනි.



2023 FW13 ග්‍රහකය මුලින් ම නිරීක්ෂණය කරනු ලැබුණේ හවායි හි Haleakalā යමහල් කඳු ශිඛරය මත පිහිටුවා ඇති Pan-STARRS නිරීක්ෂණාගාරය මඟිනි.



පසුගිය අප්‍රේල් 1 දා අභ්‍යවකාශ වස්තූන් නම් කිරීම සඳහා බලය ඇති International Astronomical Union විසින් එය නිල වශයෙන් ලයිස්තුගත කෙරෙන්නට පෙර හවායිහි තිබෙන Canada-France-Hawaii Telescope නිරීක්ෂණාගායෙන් සහ ඇරිසෝනා ප්‍රාන්තයේ පිහිටා ඇති තවත් නිරීක්ෂණාගාර දෙකකින් එහි පැවැත්ම තහවුරු කර තිබුණි.

views

352 Views

Comments

arrow-up