සිකුරු ළඟින් ගිය යානා

මෑතකදී පැය 33 ක කාලයක් තුළ (අගෝස්තු 09 හා 10) යානා දෙකක් ම සිකුරු ආසන්නයට පැමිණීමට සමත් විය. මේ යානාවලින් එකක නම වන්නේ BepiColombo ය. Bepi Colombo යන නම මේ යානයට තබා ඇත්තේ Giuseppe Bepi Colombo නමැති ඉතාලි ජාතික තාරකා ගණිත ශ්‍රාස්ත්‍රඥයා අනුස්මරණයට ය.
අනෙක් යානය Solar Orbiter ය. Solar Orbiter මෙහෙයවනු ලබන්නේ NASA හා ESA ආයතනවල එකතුවකිනි. Bepi Colombo, ESA හා ජපාන JAXA ඒජන්සියේ එකතුවකි.
Bepi Colombo යානය බුධ ග්‍රහයා වෙත යන ගමනේ දී මෙලෙස සිකුරු අසලින් ගමන් කළ අතර Solar Orbiter මෙලෙස ගමන් කරනු ලැබුවේ හිරු වටා කක්ෂගත වීමට යන ගමන අතරතුර ය.
සිකුරු ග්‍රහලොවෙහි අධික උෂ්ණත්වයක් පවතී. මේ උෂ්ණත්වය නිසා ම සිකුරු හැඳින්වෙන්නේ ගිනිගත් අපායක් ලෙසිනි.
313 Views
Comments