දෙවන 20-20 තරඟයේ ජය බංග්ලාදේශයට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
07

දෙවන 20-20 තරඟයේ ජය බංග්ලාදේශයට

දෙවන 20-20 තරඟයේ ජය බංග්ලාදේශයට

ශ්‍රී ලංකාවට එරෙහිව පැවති දෙවන විස්සයි විස්ස තරගය බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 8කින් ජයගැනීමට සමත්විය.

 

ලකුණු 165ක ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය බංග්ලාදේශය පන්දුවාර 18යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 170ක් රැස්කරගනිමින් එම ජය හිමිකරගත්තේය.

 

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ නායක නජ්මුල් නොදැවී ලකුණු 53ක් රැස්කර ගත්තේය.

 

පන්දුවාර ඔහුගේ 38කදී ගොඩනැගූ ඔහුගේ ඉනිමට හයේ පහර 2ක් සහ හතරේ පහර 4ක් ඇතුළත් විය.

 

අනෙක් අන්තයෙන් නොදැවී සිටිමින් ඔහුට සහාය වූ හ්‍රීඩෝයි පන්දු 25කදී ලකුණු 32ක් රැස්කරගනිමින් බංග්ලාදේශ ඉනිම ශක්තිමක් කළේය.

 

ලිටන් දාස් ලකුණු 36ක් සජ සෞම්‍ය සර්කාර් ලකුණු 26ක් රැස්කරගත්තේය.

 

ශ්‍රී ලංකාව වෙනුවෙන් මතීෂ පතිරණ කඩුලු 2ක් දවාගැනීමට සමත්විය.

 

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 165ක් රැස්කරගත්තේය.

views

65 Views

Comments

arrow-up