ජපානයේ ක්‍රිකට් ගොඩගන්න ලංකාවෙන් උදව්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
13

ජපානයේ ක්‍රිකට් ගොඩගන්න ලංකාවෙන් උදව්

ජපානයේ ක්‍රිකට් ගොඩගන්න ලංකාවෙන් උදව්

ජපානයේ ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එකඟ වී තිබේ.

 

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ජපාන ක්‍රිකට් සංගමය අතර ඒ සඳහා එකඟතා ගිවිසුමකට අත්සන් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

 

එම එකඟතාවය අනුව මෙරට ක්‍රීඩකයින්, ක්‍රිකට් කණ්ඩායම්, පුහුණුකරුවන් සහ ක්‍රීඩාංගණ කාර්ය මණ්ඩල සාමාජිකයින් ජපානයට යැවීමටත් එරට ක්‍රිකට් ක්‍රීඩකයින්ට මෙරටට පැමිණ වැඩිදුර පුහුණුවීමේ අවස්ථාවත් හිමිවෙයි. 

 

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ මෙරට කණ්ඩායම් ජපානයේ පැවැත්වෙන T20 තරගාවලි සඳහා යැවීමට නියමිත බවය.  

 

එසේම LPL කණ්ඩායම් සමග පුහුණුවීමට ජපාන ක්‍රීඩකයින්ට ද අවස්ථාව හිමිවෙයි.

views

49 Views

Comments

arrow-up