පාස්කු ප්‍රහාරයේ අවසන් වාර්තාවේ පිටපතක් කාදිනල් හිමිපාණන් ඉල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
09

පාස්කු ප්‍රහාරයේ අවසන් වාර්තාවේ පිටපතක් කාදිනල් හිමිපාණන් ඉල්ලයි

පාස්කු  ප්‍රහාරයේ  අවසන් වාර්තාවේ පිටපතක්  කාදිනල් හිමිපාණන්  ඉල්ලයි

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ ඇතුළත් නිර්දේශ පිළිබඳ කඩිනමින් තමා දැනුවත් කරන ලෙසත් කොමිසමේ අවසන් වාර්තාවේ පිටපතක් තමන් වෙත ලබාදෙන ලෙසත් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට විශේෂ ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කර තිබෙනවා.

 

2019 අප්‍රේල් 21 වනදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව ඉකුත් 01 වනදා කොමිසමේ සාමාජිකයින් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදුන්නා.

 

මේ අතර පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව කඩිනමින් සභාගත කරන ලෙස විපක්ෂයේ මන්ත්‍රිවරුන් ඉල්ලීමක් කර තිබෙනවා.

 

ඒ පාර්ලිමේන්තුවේ ඊයේ (08) පැවති පක්ෂ නායක රැස්වීමේදීයී.

views

829 Views

Comments

arrow-up