සියලූ පිරිස් රැකියාවට පැමිණිම තවමත් අනිවාර්යය නෑ
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
26

සියලූ පිරිස් රැකියාවට පැමිණිම තවමත් අනිවාර්යය නෑ

සියලූ පිරිස් රැකියාවට පැමිණිම තවමත් අනිවාර්යය නෑ

සියලූ පිරිස් රැකියාවට පැමිණිම තවමත් අනිවාර්යය නොවන බව රජය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවේ සුදුසු පරිදි සේවකයන් සීමා කර රැකියාවට කැඳවීමට ආයතන ප‍්‍රධානීන්ට හැකි බවයි. 

 

රටපුරාම ඇඳිරි නිතිය අද (26) සිට ලිහිල් කෙරුණත් මෙය සීයයට සීයයක් රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමක් ලෙස  නොසැලකිය යුතු බව මෙහිදී අවධාරණය කෙරුණා.

 

සීයයට සීයයක් රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම කළ හැකි වන්නේ මහජනතාව තවදුරටත් සෞඛ්‍ය උපදෙස් අනුවම කටයුතු කළහොත් පමණක් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවේ.

views

1029 Views

Comments

arrow-up